Image may be NSFW.
Clik here to view.Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා.
මේ ක්‍රමේ මට හම්බවුනේ අහම්බයෙන් වගේ. ඒ අපේ ඉස්කෝලේ වෙබ් අඩවියේ අතීතය දැක්වෙන පිංතූර ටිකක් මෙතන ක්ලික් කළාම එන Facebook පිංතූර එකතුව වෙත පටවන්නට උත්සාහ කරන විටයි.
මෙයින් වෙන්නේ Facebook හි පිංතූර පැටවුම් ක්‍රියාවලිය සඳහා Firefox සුසර කරන්නට හැකි ප්‍ලගිනයක් අපගේ Firefox වෙත එක් කිරීමයි. මෙය නමින් “Facebook Plug-in” වනවා.
මෙය ස්ථාපනය කර ගැනීම හා මෙ මගින් Facebook පිංතූර එකතුවක් නිර්මාණය කිරීම පිවවරෙන් පියවර පහත දැක්වෙනවා:
1. ඔබගේ Facebook ප්‍රොෆයිලයේ “Photos” ටැබයට යන්න.
Image may be NSFW.
Clik here to view.
2. එහි ඇති “Create a Photo Album” බොත්තම ක්ලික් කරන්න.
Image may be NSFW.
Clik here to view.
3. ඉන්පසු මතුවන සංවාදකොටුවේ “Install” බොත්තම ක්ලික් කරන්න.
Image may be NSFW.
Clik here to view.
4. ඉන්පසු ලබාදෙන සබැඳිය ඔස්සේ අදාළ ගොනුව බාගන්න.
Image may be NSFW.
Clik here to view.
5. බාගන්නා ලද ගොනුව හැකිළුමක් වන අතර එය ලිහාගන්න.
Image may be NSFW.
Clik here to view.
7. හැකිළුම ලිහුනු බහාලුම තුළ ඇති “libnpfbook_1_0_0.so” ගොනුව පිටපත් කරගන්න.
Image may be NSFW.
Clik here to view.
8. මින් අනතුරුව කළ යුත්තේ එම ගොනුව ඔබගේ Firefox ස්ථාපනයේ “plugins” බහාලුමට පිටපත් කිරීමයි.
එම බහාලුම ~/.mozilla/plugins හෝ ඔබ Firefox දමා ඇති බහාලුමේ ඇති “plugins” බහාලුමයි.
9. අනතුරුව මෙම සංවාදකොටුවේ “Done Installing” බොත්තම ක්ලික් කරන්න.
Image may be NSFW.
Clik here to view.
9. සාමාන්‍ය ලෙස පිංතූර එකතුවට නමක්, විස්තර ආදිය ලබා දෙන්න.
Image may be NSFW.
Clik here to view.
10. පිංතූර එක් කිරීම සඳහා “Select Photos” යන බොත්තම ක්ලික් කරන්න.
Image may be NSFW.
Clik here to view.
11. ඉන්පසු ඔබේ පරිගණකයේ ඇති ගොනු Facebook වෙත දැක්විය හැකි පහත ආකාරයේ සංවාද කොටුවක් විවර වනු ඇත.
Image may be NSFW.
Clik here to view.
12. ඔබේ පරිගණකයේ ඇති බහාලුම් වලට පියවරෙන් පියවර එය මගින් ඇතුළු විය හැක.
Image may be NSFW.
Clik here to view.
13. අවශ්‍ය පින්තූර තෝරාගන්න.
Image may be NSFW.
Clik here to view.
14. තෝරාගැනීමෙන් අනතුරුව “Use Selected Photos” බොත්තම ක්ලික් කරන්න.
Image may be NSFW.
Clik here to view.
15. තෝරාගෙන ඇති පිංතූර සංඛ්‍යාව “Select Photos” බොත්තම මත දිස්වනු ඇති.
Image may be NSFW.
Clik here to view.
16. අවැසි සියළු පින්තූර තෝරා ගැනීමෙන් අනතුරුව හා විස්තර ඇතුලත් කිරීමෙන් පසුව “Create Album” බොත්තම ක්ලික් කරන්න්‍යස.
Image may be NSFW.
Clik here to view.
17. සුළු මොහොතකින් ඔබ තෝරාගත් පින්තූර සියල්ල Facebook වෙත පැටවීම ඇරඹෙනු ඇති.
Image may be NSFW.
Clik here to view.
18. මෙම නව ක්‍රමය මගින් පිංතූර පටවන විට සියළු වැඩ නතරකොට පෙරමෙන් පැටවුම් ක්‍රියාවලිය දෙස බලා සිටීමට අවැසි නොවේ. පැටවුම් ක්‍රියාවලිය ආරම්භ වූ සැනින් එහි දර්ශකය Facebook හි පහත ඇති මෙවලම් තීරුවට එක් වන අතර ඒ පැටවුම් ක්‍රියාවලිය සිදුවන අතරම Facebook හි වෙනත් පිටු කෙරේ පිවිසීමේ හැකියාව මේ හරහා ලැබේ.
Image may be NSFW.
Clik here to view.
19. පැටවුම අවසන් වූ පසු එම දර්ශකයෙන්ම ඒ බව දැනුම්දේ.
Image may be NSFW.
Clik here to view.
20. ඉහත ක්‍රමය මගින් පටවන ලද පිංතූර රැගත් පිංතූර එකතුව පහත ලෙස දැකගත හැකිය.
Image may be NSFW.
Clik here to view.
Facebook විසින් මේ ප්‍ලගිනය සමග ලබාදෙන Read Me ගොනුවට අනුව, මෙය තවමත් නිළ වශයෙන් සහය දක්වන්නේ Ubuntu 8.04 හෝ ඊට වඩා අලුත් සංස්කරණයක් මත ධාවනය වන Firefox 3.0 හෝ ඊට වඩා අලුත් සංස්කරණයක් සඳහා පමණයි. නමුත්, වෙනත් වෙබ් ගවේෂක, ඩිස්ට්‍රෝවන් සහ සැකසුම් සමග වුවද ක්‍රියාකරවීමට හැකි බවත් ඔවුන් කියනවා.
මේ ගැන දැනගත්තු ගමන් මම කරපු අනිත් වැඩේ අපේ සිතිජ සහන් මලයට කියලා මෙහි Winodws මෙහෙයුම් පද්ධතිය සඳහාත් සංස්කරණයක් තියේද කියලා හොයලා බලන එක, නමුත් එහෙම එකක් නැති බවයි ප්‍රතිචාරය වුනේ.
මට දැනුනු හැටියට නම්, පෙර Facebook විසින් භාවිතා කළ Simple Uploader හා Java Uploader ට වඩා මෙය ඉක්මන්.
The post Ubuntu මත Firefox සමග Facebook වෙත පහසුවෙන් පිංතූර පටවමු! appeared first on Budhajeewa's Blog.